දැන් වහිනවා... මේක සාමාන්‍ය වැස්සක්. මම හැම වර්ගයේම වැහි වලට ආසයි.
ඒක පොද වැස්සක් වුනත්, කදු නාය යන මොර සුරන වැස්සක් උනත්, මම ඒ දෙකටම ආසයි. එකෙන් මට
වෙන්නේ හොදක්ද, නරකක්ද කියන දේ පවා නොතකා මම වැස්සට ආසයි...
මාර්තු 03,
2008
දැන් වහිනවා... මේක ටිකක් තද වැස්සක්. මම වැස්සට ආසයි. වැස්සේ සද්දෙට
ආසයි. වැස්සේ සුවදට ආසයි. වැහි බින්දු මගේ ඇගට වැටෙනවට ආසයි.මට එතකොට දැනෙන්නේ
හරියට, වැස්ස ලෝකේ පුරා ඇවිදලා ඇවිදලා එකතු කරගෙන ආපු සතුට, මගේ ඇග
උඩට අංශු අංශු වෙලා වැටෙනවා කියල..මම වැස්ස එක්ක බදුන හැම දේටම ආසයි. වැස්ස එක්ක
එහෙට මෙහෙට රවුම් ගහන හුළගට, වැහි බින්දු ලක්ෂ ගානක් කොළ අස්සේ හංගගෙන ඉන්න ගස් වලට, පීටාර
ගලන පොකුණට,මිදුලේ හැදෙන මඩ වලවල් වලට,වැහි වතුර වැටුන මකුළු දැල් වලට... ඒ හැමදේටම මම ආසයි. ඇත්තම
කියනවනම් මම ආදරෙයි...
මැයි 09, 2008
වහිනවා... මහා හයියෙන්... මිදුලේ මඩ වලවල් හැදිලා... වතුර පීල්ල
දුම්හිද වෙලා... මම, තාමත් බෝට්ටු හදනවා.... හැබැයි කඩදාසි....මිදුල හම්බන්තොට වරාය
වෙලා.. එත්, අයිස් කන්දක් නැතුවම මගේ Titanic ගිලෙනවා...වැස්සට තෙමිලම...!!!
පෙබරවාරි 28,
2012
මම
වර්ෂාවට ප්‍රේම කලෙමි,
සිසිල සාදලන
ගිතයක් වූ,
වර්ෂාවට මම ප්‍රේම කලෙමි...
ඔබ හා ඇය ,
එහි තෙමුන බව
දැනගත් දා තෙක්
මම වර්ෂාවට ප්‍රේම කලෙමි...
ඉන් පසුව
එය මට
ශෝකයේ මුසල
මොරගෑමක් පමණක්ම විය...
කන් පුපුරවන,
කදුළු පුරවන
මොර ගෑමක් පමණක්ම විය...
වර්ෂාවට ප්‍රේම කලෙමි,
සිසිල සාදලන
ගිතයක් වූ,
වර්ෂාවට මම ප්‍රේම කලෙමි...
ඔබ හා ඇය ,
එහි තෙමුන බව
දැනගත් දා තෙක්
මම වර්ෂාවට ප්‍රේම කලෙමි...
ඉන් පසුව
එය මට
ශෝකයේ මුසල
මොරගෑමක් පමණක්ම විය...
කන් පුපුරවන,
කදුළු පුරවන
මොර ගෑමක් පමණක්ම විය...
අගෝස්තු 25,
2012
වැස්ස... හරි පුදුම දෙයක්... මැරුණු ජීවිත වලට සතුට, ජීවය දෙන, කදුළු
පොකුරක්... දැන් හොදටම වහිනවා.. මම ඉන්නේ වස්ගමුව වන රක්ෂිතයේ මායිමේ සංචාරක
බංගලාවක. හැම තැනම කොළ පාටයි.
මාස ගානක් අව්වට පිච්චි පිච්චි මරුන ගස්, එක පාරට
පන ගහල.
ඇත්ත, වැස්සට පුළුවන් හැම දේටම පන දෙන්න. මරුන හැම දේටම පන දෙන්න. මරුන
හිතකට උනත්...
දෙසැම්බර් 22, 2012
No comments:
Post a Comment